0
Your Cart

Protected: නොමිලේ AI හරහා Voice Clone කිරීම

Lesson 03

🎙️ නොමිලේ AI හරහා Voice Clone කිරීම

kikivoice.ai භාවිතා කර කිසිදු ලියාපදිංචි වීමකින් තොරව (No Registration), ඉතා පහසුවෙන් ඔබේ හෝ වෙනත් අයෙකුගේ කටහඬක් අනුකරණය කර (Voice Clone කර) අලුතින් හඬපට නිර්මාණය කරගන්නා සම්පූර්ණ මාර්ගෝපදේශය.

Kikivoice Introduction

🎙️ පියවර 1: කටහඬ ලබා දීම (Upload or Record)

පළමුව ඔබගේ බ්‍රව්සරයෙන් kikivoice.ai වෙබ් අඩවියට පිවිසෙන්න. එහි ඔබට ක්‍රම දෙකකට කටහඬක් ලබා දිය හැක.

  • Start Recording: මෙහිදී ඔබට එම මොහොතේම කටහඬ පටිගත කර ලබා දිය හැක.
  • Choose File: ඔබගේ දුරකථනයේ හෝ පරිගණකයේ දැනටමත් ඇති Audio file එකක් මේ හරහා Upload කළ හැක.
Upload or Record Audio

🎧 පියවර 2: කටහඬ සකස් කිරීම (Audio Preview & Enhancement)

ඔබ Audio එක Upload කළ පසු එය නිවැරදිදැයි අසා බැලීමට අවස්ථාව ලැබේ. මෙහිදී කටහඬේ ගුණාත්මකභාවය වැඩි කරගැනීම ඉතා වැදගත් වේ.

  • පහළින් ඇති Enhancement Options වෙත යන්න.
  • එහි ඇති Light Noise Reduction යන්න Tick කරන්න. එමගින් ඔබ ලබා දුන් කටහඬෙහි ඇති අනවශ්‍ය පසුබිම් ශබ්ද (Background noise) අඩු කර කටහඬ වඩාත් පැහැදිලි කරගත හැක.
  • සියල්ල නිවැරදි නම්, කොළ පැහැති Next Step බොත්තම ඔබන්න.
Audio Enhancement

📝 පියවර 3: අවශ්‍ය වාක්‍යය ඇතුළත් කිරීම සහ Model එක තේරීම

දැන් ඔබ ලබාදුන් කටහඬින් අලුතින් කියවීමට අවශ්‍ය දේවල් ලබා දිය යුතුය. ඔබට පහත උදාහරණ වාක්‍යය Copy කර භාවිත කළ හැක.


error: Content is protected !!